ඉගෙනීම කලාවකි....✍✍✍
ඉගෙනීම මිනිසා සමඟ රැඳී ඇති ක්‍රියාවලියකි. මිනිසාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවට සමාජයෙන් ඔවුන් ඉගෙන ගනිමින් සිටී.ඔවුන්ගේ ගති පැවතුම් ද ඒ අනුව සකස් වෙයි. එම ගති පැවතුම්වලින් යුතු මිනිසා විසින් ඉගෙනීමෙන් ඔවුන්ට හා ලොවට යහපතක් සිදු වේ නම් එහි ඇත්තේ ඉගෙනීමේ කලාවකි. කුඩා දරුවන්ට ගුරුවරුන් විසින් ඉගෙනීමේ කලාව ලබා දෙන්නේ දරුවන් නිරීක්ෂණයට යොමු කර ඉගෙනීමට පෙළඹීමෙනි. එහිදී දරුවන් තුළ ස්වයං අධ්‍යාපනය නමැති ඉගෙනීමේ කුසලතාවයද වර්ධනය වෙයි. එමෙන්ම කුඩා දරුවන්ගේ ඉගෙනීමේ කලාව තුළත් දක්නට ලැබෙන්නේ දරුවන්ට වින්දනය, ප්‍රීතිය මගින් අධ්‍යාපනය ලබා දීමේ කලාවකි. තරුණ දරුවන්ට ඉගෙනීමේ කලාව ලබා දෙන්නේ මනස ශක්තිමත්ව ප්‍රබෝධමත්ව තබා ගනිමින් ඔවුන්ගේ සිත තුළ ධාරණ ශක්තිය ඇති කරලමිනි. කෙසේ වෙතත් බාල වැඩිහිටි ඔවුන් ලබාගත් අධ්‍යාපනය ඒ ලබා ගත් දෙයින් ඔවුනට හා රටට යහපතක් කිරීම ද ඉගෙනීමේ කලාවකි.
