Saturday, 26 October 2024

 

සෙනෙහසේ පියා



ඉරි තැලි වියළි වූ පොළොව 

නිවන දහදිය නුඹයි තාත්තේ

ඇතුලේ ගිනිදැල් දැවෙන හද තුළ

පුතුගේ මුවගේ සිනහා නුඹයි තාත්තේ

වේද මල් පෙති සිනිඳු

නොවේ සම ඔබේ දෑතේ සිනිඳු

සුවඳ හමනා කුමුදු මල්

දෙවුන් පුදනා පරසතු මල්

පරයා නැගෙන සුවඳ

ගෙනදෙයි සහන පැල්පතේ ජිවන සුවඳ

සෙනෙහේබර පියාණනි

වෙන්න හැම භවේ මාගේම

සෙනෙහේබර පියාණන්


Friday, 25 October 2024

සරසවිය

සරන නෙක දෙනා

ඇදෙන එකට සැවොමා

සතොසින් සිටින නෙක දෙනා

තනන නෙක උගතුන් 

සිව්  දෙසිනා



Saturday, 1 June 2024


ඉගෙනීම කලාවකි....✍✍✍ 



ඉගෙනීම මිනිසා සමඟ රැඳී ඇති ක්‍රියාවලියකි. මිනිසාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවට සමාජයෙන් ඔවුන් ඉගෙන ගනිමින් සිටී.ඔවුන්ගේ ගති පැවතුම් ද ඒ අනුව සකස් වෙයි. එම ගති පැවතුම්වලින් යුතු මිනිසා විසින් ඉගෙනීමෙන්  ඔවුන්ට හා ලොවට යහපතක් සිදු වේ නම් එහි ඇත්තේ ඉගෙනීමේ කලාවකි. කුඩා දරුවන්ට ගුරුවරුන් විසින් ඉගෙනීමේ කලාව ලබා දෙන්නේ දරුවන් නිරීක්ෂණයට යොමු කර ඉගෙනීමට පෙළඹීමෙනි. එහිදී දරුවන් තුළ ස්වයං අධ්‍යාපනය නමැති ඉගෙනීමේ කුසලතාවයද වර්ධනය වෙයි. එමෙන්ම කුඩා දරුවන්ගේ ඉගෙනීමේ කලාව තුළත් දක්නට ලැබෙන්නේ දරුවන්ට වින්දනය, ප්‍රීතිය මගින් අධ්‍යාපනය ලබා දීමේ කලාවකි. තරුණ දරුවන්ට ඉගෙනීමේ කලාව ලබා දෙන්නේ මනස ශක්තිමත්ව ප්‍රබෝධමත්ව තබා ගනිමින් ඔවුන්ගේ සිත තුළ ධාරණ ශක්තිය ඇති කරලමිනි. කෙසේ වෙතත් බාල වැඩිහිටි  ඔවුන් ලබාගත් අධ්‍යාපනය  ඒ ලබා ගත් දෙයින් ඔවුනට හා රටට යහපතක් කිරීම ද ඉගෙනීමේ කලාවකි.

'' ඉගෙනීම කටු අත්තකි  එහි ඵලය මල්ඉත්තකි ''....... 🌼🌼🌼

Friday, 8 March 2024

අධ්‍යාපන  අරමුණු       📙📘📗📕

අධ්‍යාපන  අරමුණු යනුවෙන් අදහස් කරන්නේ අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වන උතුම්  අදහස  කුමක්ද යන්නය අධ්‍යාපනික පරමාර්ථ පිළිබඳ විවිධ දාර්ශනිකයන් විසින් දීර්ඝව සාකච්ඡා කොට ඇත අධ්‍යාපනය පරමාර්ථය ලෙස බ්ලූටෝ දැක්වූයේ හොඳ පුරවැසියෙකු බිහි කිරීම හා ආධ්‍යාත්මික පාරිශුද්ධතාවයයි. ජෝන් ඩිවීගේ අධ්‍යාපන  අරමුණ වූයේ ජීවත්වීම බවයි. කාල් මාක්ස්ගේ අධ්‍යාපන  අරමුණ වූයේ රට නිෂ්පාදනයට උරදිය හැකි පුහුණු ශ්‍රමිකයකු බිහි කිරීමයි මේ අනුව එක් එක් දාර්ශනිකයාගේ අධ්‍යාපන පරමාර්ථ එක් එක් ස්වරූපය ගත් බව පෙනේ කෙටි කාලයකින් ඉටු කර ගත හැකි ක්‍රියාවලින්  ඉටු කර ගත හැකි ක්‍රියාවලින් අරමුණු ලෙස දැක්වේ  අරමුණු ළඟාවිය හැක්කේ අරමුණුවලට අදාළ ක්‍රියාකාරකම් ඉටු කිරීමෙනි අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සාකච්ඡා කෙරේ සාමාන්‍ය අරමුණු ඉගෙනුත් සාමාන්‍ය අරමුණු වන්නේ යම් ආයතනයක ක්‍රියාවලියක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා ගනු ලබන නිශ්චිත කෙටි කාලයක් තුළ නිමකළ හැකි ක්‍රියාවලීය ඉගෙනීමේ අරමුණ යනු ඉගෙනීමට අදාළ අරමුණුය උගන්වන විටදී ගුරුවරයා සැලකිලිමත් විය යුත්තේ ඉගෙන ගන්නා ගැනය ඔහුගේ පැත්තේ සිට ඔහු පත්විය හැකි වෙනස සැලකිල්ලට ගෙන ලියන අරමුණු ඉගෙනීමේ අරමුණුය මෙහිදී අප සාකච්ඡාවට භාජනය වන්නේ ඉගෙනීමේ අරමුණු නොව සාමාන්‍ය අරමුණිය න් සාමාන්‍ය අරමුණ දැක්වීමේ දී එය ලියා දක්වන්නේ ප්‍රකාශයක් ලෙසය ඉගෙනීමේ අරමුණු ලියන විටදී ඉගෙන ගන්නා පත්විය හැකි වෙනස ප්‍රකාශ වන ක්‍රියාපදයක් භාවිතා කෙරේ ආයතනයකට යම් ක්‍රියාවලියකට රාජ්‍යයකට පරමාර්ථ කරා ළඟා වීමේ අරමුණ තිබිය හැකියි ද්විතීක විෂය මාලාව සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපනය පුළුල් පරමාර්ථය වනුයේ යහපත් සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙකු බිහි කිරීමයි මේ පරමාර්ථය ළඟා කර ගැනීමට පහත සඳහන් අරමුණු ගොඩනැගිය හැකිය පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම ශාරීරික අභ්‍යාසවල යෙදවීම යහපත් සෞඛ්‍ය සිිරිත් පුහුණු කිරීම ප්‍රධාන  අරමුණ කරා ළඟා වන නිශ්චිත කාලයක් තුළ අත්කර ගත හැකි ක්‍රියාවන් අරමුණු ලෙස දැක්වෙන බව මේ අනුව පැහැදිලිය 


Tuesday, 27 February 2024

 ගුරුකුලය

 අකුරු හැඩ නෑ තවම ගෙනෙන තුරු අලුත් පොත් සුවඳ
 පාට  හැඩ නෑ තවම පොත්වල ගෙනෙනතුරු ඇගේ පිච්ච මල් සුවඳ 

 බලා හිඳිනෙමි  කාලයක් එනතුරු තවම  දෙවටින්  
පන්තියේ කොනක හිඳ ඇය හා අකුරු උගන්නට

පාසල් මතක පොත  දිගහැරන් තවමත් ඇගිලි  ගනින්නේ
කවදායම්දෝ අකුරු උගන්නට 

ඔබේ මව් තුරුලේ ජීවිතය කියා දෙන්න තවත් වරමක් ලැබෙන්නේ කවදාදෝ ...... 📚


Wednesday, 21 February 2024

  ඉගෙනීම යනු කුමක්ද ? 

  අධ්‍යාපනය ඉගෙනුම ඉගැන්වීම ඉගැන්වීමේ ක්‍රම යන මෙම සෑම වචනයකටම දක්නට ලැබෙන්නේ යම්කිසි සබඳතාවයකි. එනිසා මේවාට  දෙන අර්ථකථනයන් වෙනස්ය. සරලම කිවහොත් අධ්‍යාපනය යනු කිසියම් රටක සමාජ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්්වකීය අනාගත පරපුරට පවරාදීමට තෝරා බේරාගත්  ඥාන සම්භාරය ලෙස හඳුන්වා දිය හැකිය.  අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය ලෙස කොටස් දෙකකට අයත් වේ. ඉගෙනීම යනු අධ්‍යාපනයට එහා ගිය   උපතේ සිට මරණය දක්වා පුද්ගලයා විසින් සාක්ෂාත් කරගනු ලබන   අත්දැකීම්ය. නමුත් අධ්‍යාපනය ඉගෙනීමේ කොටසකි.  ඉගැන්වීමේ ක්‍රම තුළ පවතින්නේ අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබාදීමේ ක්‍රමවේදයයි. ඒ අනුව අධ්‍යාපනය ඉගෙනුම ඉගැන්වීමේ ක්‍රමවේදය යනාදිය  එකට එක්   වීමෙන්  ඉගැන්වීම් ක්‍රියාවලියක් නිර්මාණය වේ. මෙම ඉගෙනීම නමැති සංකල්පය පුද්ගලයා තුළ ඇතිවන හැසිරීම් හැසිරීම් වල  වෙනසක් බව  මනෝ  විද්‍යාඥ මතය වේ. ඔවුන් පවසන්නේ බාහිර ලොවෙන් ලැබෙන උත්තේජනයන්  අරභයා ශරීරය ඇතුළතින් සිදුවන ප්‍රතිචාර හේතු කොටගෙන ඉගෙනුම සිදුවන බවයි. ඉගෙනීම තුළ බොහෝ පුද්ගලයන්   පාසල් අධ්‍යාපනය, පන්ති කාමර අධ්‍යාපනයට සීමා වී තිබේ. නමුත් ඉගෙනුම ඊට එහාට ගොස් ඇත. මිනිසුන් සමාජය තුළ විවෘත වන්නට ඉගෙන ගන්නේ සමාජයේ පවතින හැසිරීම් අත්දැකීම්  තුළිනි.  උදාහරණ ලෙස වගකීම් සහගත ලෙස  බාරගත් කටයුත්තක්  සිදු කිරීමේදී එවැනි දේවල් පුද්ගලයන් ඉගෙන ගනු ලබන්නේ එම කටයුත්තෙහි අත්දැකීම් ලබමින්   එවිට එය පොතකින් හෝ  ගත් දෙයක් නොවෙයි. ඒ අනුව ඉගෙන ගැනීම පොත තුළින් පමණක්ම සිදුවන්නක් නොවේ. මිනිසා උපතේ සිටම මරණය දක්වා ඉගෙනීමේ ක්‍රියාවලියක  ජීවත් වෙයි.  ළදරු  විය ළමා විය වැඩිහිටි විය මෙම කුමන අවධියක්ද මනසින් උසස් පුද්ගලයකු නිර්මාණය කරන්නේ ඉගෙනුම තුළිනි.   ඇතැම් විට ගුරුවරුන් උගන්වන දේවල්වලට අමතරව දරුවන්   තම  උත්සාහයෙන් ඉගෙන ගනු ලබන දේවල්ද ඇත. ඒ අනුව ඉගෙනුම යනු තව කෙනෙකුගෙන් ලබා ගැනීමක් පමණක් නොව පෞද්ගලිකව තමාටද හැදෑරිය හැකි සංකල්පයකි. ඉගෙනීම යනු කවරේදැයි විමසා බැලීමේදී ඉගෙනුම පිළිබඳ විශේෂඥයන් විසින් හඳුන්වා දී ඇති ඉගෙනුම්     ප්‍රභේද  කිහිපයක් පහතින් හඳුන්වා දිය හැකිය. 

 ➤මනෝ චාලක ඉගෙනුම

 ➤ස්මෘති ඉගෙනුම

 ➤ප්‍රජානනය හෙවත් බුද්ධිමය ඉගෙනුම

 ➤වාචසික හා භාෂාමය ඉගෙනුම

 ➤චිත්තවේගික ඉගෙනුම

 ➤ආවේදනික ඉගෙනීම

 ➤ගැටළු විසඳීමට ඉගෙන ගැනීම

 ➤නිර්මාණාත්මක බව ඉගෙනීම

 ➤ පරිකල්පනය ඉගැන්වීම 

ඒ කුමන ආකාරයේ කුමන ඉගැන්වීම් ක්‍රමයක් තුළද දක්නට ලැබෙන්නේ අධ්‍යාපනයට එහා ගිය ඉගෙනුම් ක්‍රියාවලියකි. 

Monday, 15 January 2024

  නිදහස් අධ්‍යාපනයේ පියා 




19 වන සියවසේ පටන් මෙරට නූතන අධ්‍යාපන ආයතන බිහිවීම ඇරඹුණි. ඒවාහිදී යම් යම් සීමා පැවැති අතර බාලංශය පටන් විශ්වවිද්‍යාලය  ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපනය කිරීමේ පුරෝගගාමියා වූයේ  c .  w.w.w.   කන්නංගර මහතාය.   ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වූ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස මොහු ගෞරවයට   ලක්වේ. ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කන්නංගර මහතා උපන්නේ  1884 ඔක්තෝම්බර් 13   වෙනිදාය. ඔහුගේ පියා දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර වේ.  කන්නංගර මහතා සහෝදර සහෝදරයන් පස්දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා  විය.  ඔහු අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ  වෙස්බියන් උසස් පාසලෙනි.පියා අහිමිවීමත් සමඟ තම පවුලේ ජීවිකාව  රැගෙන යාමට  මේ දරුවාට  බලවත් අරගලයක් සිදුකිරීමට විය. කෙසේ වෙතත් ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් ගාල්ලේ රිච්මන්ඩ විදුහලට ඇතුළත් වීමට කන්නංගර මහතාට වරම් ලැබුණි. එතෙක් ධනවත් පවුල්වල අයට සීමා වී තිබූ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ක්‍රිස්ටෝප විළියම් දරුවාට හිමිවීම ඔහුගේ ජීවිතයේම ලංකා ඉතිහාසය ද ඓතිහාසික සිදුවීමක් විය. කේම්බ්‍රිජ් සීනියර්  විභාගයට පෙනී සිටි එතුමාට  හොඳම  ශිෂ්‍යයාට ලැබෙන ත්‍යාගය  හිමිවිය. ශිෂ්‍ය අවධියේදී ක්‍රීඩා නාට්‍ය කථික ආදී අංශවලින් දක්වන ලද කුසලතාව ඔහුගේ වැඩිහිටි ජීවිතය විදහා දක්වන්නක් විය. ඔහු සිංහල පාලි හා සංස්කෘත යන භාෂාත් බුදු දහමත් හැදෑරීමෙහි නිරත වී ඇත.  මේ කාර්ය එතුමාගේ ජාති මාමකත්වය හා දේශප්‍රේමය පිළිබිඹු කරන අවස්ථා සේ සැලකේ.  1919 පිහිටුවන ලද ලංකා ජාතික සංගමයට සම්බන්ධ වූ කන්නංගර මහතා  එහි ගාලු ප්‍රදේශයෙන් විධායක කාරක සභාවට තෝරා පත් කර ගන්නා ලදී. මහා මැතිවරණයෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ගාල්ල ආසනයෙහි මන්ත්‍රී ධූරය ලබා  ගැනීමට හැකිවීම එතුමාගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයකි. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම තෙක් එතුමා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු විය. 


                               කන්නන්ගර  මහතාගෙන් මෙරටට ඉටු වූ විශිෂ්ටතම සේවය නිදහස් අධ්‍යාපන ක්‍රමය වේ. එහි මූලික අරමුණ වූයේ රජයේ පරිපාලනයට යටත් පොදු අධ්‍යාපන ක්‍රමයක්  පිහිටුවා ගැනීමය.  එමගින්  අධ්‍යාපනය හැදෑරීමට සියලු දෙනාට අවස්ථාව ලැබුණි.1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සංශෝධන පනත 1945 ඔක්තෝම්බර් මස 01 දින යථාර්ථයක් බවට පත්විය.  එදින එතුමා කල කතාව එතුමාගේ සමාජ ජීවිතය තුළ කරන ලද ශ්‍රේෂ්ඨතම කතාව ලෙස පිළිගැනේ. එම  කතාවට සවන් දී සිටි ඉන්දීය ජාතික අනී මහතා එතුමා දෑතින් අල්ලාගෙන පැවසුවේ  "ඔබ ඉන්දියාවේ සිටියේ නම් දෙවියකු සේ සලකා වන්දනා කරනු ඇත යනුවෙනි."  විදේශය ජාතිකයකු ප්‍රකාශ කරන ලද ඉහත ප්‍රකාශනයේ නිරූපණය වන්නේ කන්නංගර මහතාගේ චරිත ස්වභාවයයි.  


 "යටත් විජිත පාලකයන් විසින් ඔවුන්ගේ පාසල් මගින් අපගේ ආගමට සංස්කෘතියට හා සිරිත් විරිත් වලට අතිශයින් හානිකර වූද මේ රටට සම්පූර්ණයෙන්ම පරිබාහිර වූද අපගේ දේශීය බුද්ධියට හා දෘෂ්ටියට නොගැලපෙන  වැඩපිළිවෙලක් එම ජනතාව අතර බලහත්කාරයෙන් පටවනු ලැබ ඇත."


 එතුමාගේ  ප්‍රකාශය එවකට පැවති අධ්‍යාපන ක්‍රමය මගින්  දේශීයත්වය කෙරේ කරන ල ලද බලපෑම හා පීඩනය කෙතරම්ද යන්නට සාධක සපයයි.   


මෙතුමා විසින් සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා  වන්නේ ,


               ➥  සියලුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොමිලේ ලබා දීම.


               ➥ ග්‍රාමීය පාසල් රාශියක් බිහි කිරීම.


              ➥ අධ්‍යාපනය සියලු ගාස්තු වලින් නිදහස් කිරීම.


              ➥ ඉංග්‍රීසි පාසල් වල මව්බස භාවිතයට අනුබල දීම.


             ➥ අධ්‍යාපන චින්තාවලිය තුළ ආහාර නිෂ්පාදනයට උපරිම අවධානයක් යෙදීම. 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මුල් සාධකය ගුරුවරුන් බව පිළිගත් එතුමා යහපත් කැපවෙන දක්ෂ ගුරු පරපුර බිහි කිරීමෙහිලා  පුරෝගාමී විය. ඉතා කාර්යක්ෂම ලෙස ගුරුවරුන් විශාල ප්‍රමාණයකින් පුහුණු කිරීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය තහවුරු කිරීමකි. වෘත්තිය විෂයන්ට අමතරව ගුරුවරුන්ට සංගීතය, නාට්‍ය හා නැටුම් කලාව ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කරන ලදී. ඒවා හුදු විනෝදස්වාදය නොව අධ්‍යාපන වටිනාකමක් ඇති විෂය බවට මෙමගින් පිළිගැනීමක් ඇති විය. 1923 දේශපාලනයට පිවිසියේ  සැලකිය යුතු ධනයක් ඇති පුද්ගලයකු ලෙස වුවද දේශපාලනින් සමුගන්නා විට කන්නංගර මහතාට කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුනි මෙය එතුමා අවංක දේශපාලනඥයකු බව කියාපාන සාධකයකි එතුමාගේ ජීවිතයේ අවසන් කාලය ගත කළේ රජයෙන් ලැබුණු ආධාර මුදලකිනි. අවුරුදු 85  දිවි ගෙවූ එතුමා සැප්තැම්බර් 23 දින අවසන් ගමන් ගොස් ඇත. 



  සෙනෙහසේ පියා ඉරි තැලි වියළි වූ පොළොව  නිවන දහදිය නුඹයි තාත්තේ ඇතුලේ ගිනිදැල් දැවෙන හද තුළ පුතුගේ මුවගේ සිනහා නුඹයි තාත්තේ වේද මල් පෙති සින...