ඉගෙනීම යනු කුමක්ද ?
අධ්‍යාපනය ඉගෙනුම ඉගැන්වීම ඉගැන්වීමේ ක්‍රම යන මෙම සෑම වචනයකටම දක්නට ලැබෙන්නේ යම්කිසි සබඳතාවයකි. එනිසා මේවාට දෙන අර්ථකථනයන් වෙනස්ය. සරලම කිවහොත් අධ්‍යාපනය යනු කිසියම් රටක සමාජ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්්වකීය අනාගත පරපුරට පවරාදීමට තෝරා බේරාගත් ඥාන සම්භාරය ලෙස හඳුන්වා දිය හැකිය. අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය ලෙස කොටස් දෙකකට අයත් වේ. ඉගෙනීම යනු අධ්‍යාපනයට එහා ගිය උපතේ සිට මරණය දක්වා පුද්ගලයා විසින් සාක්ෂාත් කරගනු ලබන අත්දැකීම්ය. නමුත් අධ්‍යාපනය ඉගෙනීමේ කොටසකි. ඉගැන්වීමේ ක්‍රම තුළ පවතින්නේ අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබාදීමේ ක්‍රමවේදයයි. ඒ අනුව අධ්‍යාපනය ඉගෙනුම ඉගැන්වීමේ ක්‍රමවේදය යනාදිය එකට එක් වීමෙන් ඉගැන්වීම් ක්‍රියාවලියක් නිර්මාණය වේ. මෙම ඉගෙනීම නමැති සංකල්පය පුද්ගලයා තුළ ඇතිවන හැසිරීම් හැසිරීම් වල වෙනසක් බව මනෝ විද්‍යාඥ මතය වේ. ඔවුන් පවසන්නේ බාහිර ලොවෙන් ලැබෙන උත්තේජනයන් අරභයා ශරීරය ඇතුළතින් සිදුවන ප්‍රතිචාර හේතු කොටගෙන ඉගෙනුම සිදුවන බවයි. ඉගෙනීම තුළ බොහෝ පුද්ගලයන් පාසල් අධ්‍යාපනය, පන්ති කාමර අධ්‍යාපනයට සීමා වී තිබේ. නමුත් ඉගෙනුම ඊට එහාට ගොස් ඇත. මිනිසුන් සමාජය තුළ විවෘත වන්නට ඉගෙන ගන්නේ සමාජයේ පවතින හැසිරීම් අත්දැකීම් තුළිනි. උදාහරණ ලෙස වගකීම් සහගත ලෙස බාරගත් කටයුත්තක් සිදු කිරීමේදී එවැනි දේවල් පුද්ගලයන් ඉගෙන ගනු ලබන්නේ එම කටයුත්තෙහි අත්දැකීම් ලබමින් එවිට එය පොතකින් හෝ ගත් දෙයක් නොවෙයි. ඒ අනුව ඉගෙන ගැනීම පොත තුළින් පමණක්ම සිදුවන්නක් නොවේ. මිනිසා උපතේ සිටම මරණය දක්වා ඉගෙනීමේ ක්‍රියාවලියක ජීවත් වෙයි. ළදරු විය ළමා විය වැඩිහිටි විය මෙම කුමන අවධියක්ද මනසින් උසස් පුද්ගලයකු නිර්මාණය කරන්නේ ඉගෙනුම තුළිනි. ඇතැම් විට ගුරුවරුන් උගන්වන දේවල්වලට අමතරව දරුවන් තම උත්සාහයෙන් ඉගෙන ගනු ලබන දේවල්ද ඇත. ඒ අනුව ඉගෙනුම යනු තව කෙනෙකුගෙන් ලබා ගැනීමක් පමණක් නොව පෞද්ගලිකව තමාටද හැදෑරිය හැකි සංකල්පයකි. ඉගෙනීම යනු කවරේදැයි විමසා බැලීමේදී ඉගෙනුම පිළිබඳ විශේෂඥයන් විසින් හඳුන්වා දී ඇති ඉගෙනුම් ප්‍රභේද කිහිපයක් පහතින් හඳුන්වා දිය හැකිය.
➤මනෝ චාලක ඉගෙනුම
➤ස්මෘති ඉගෙනුම
➤ප්‍රජානනය හෙවත් බුද්ධිමය ඉගෙනුම
➤වාචසික හා භාෂාමය ඉගෙනුම
➤චිත්තවේගික ඉගෙනුම
➤ආවේදනික ඉගෙනීම
➤ගැටළු විසඳීමට ඉගෙන ගැනීම
➤නිර්මාණාත්මක බව ඉගෙනීම
➤ පරිකල්පනය ඉගැන්වීම
ඒ කුමන ආකාරයේ කුමන ඉගැන්වීම් ක්‍රමයක් තුළද දක්නට ලැබෙන්නේ අධ්‍යාපනයට එහා ගිය ඉගෙනුම් ක්‍රියාවලියකි.
Good job
ReplyDelete❤️
ReplyDelete❤️🔥❤️🔥
ReplyDeleteMasterpiece ♥ Really valuable .... Good Job
ReplyDelete🌼❤
ReplyDelete❤️🔥❤️🔥
ReplyDelete