Monday, 15 January 2024

  නිදහස් අධ්‍යාපනයේ පියා 




19 වන සියවසේ පටන් මෙරට නූතන අධ්‍යාපන ආයතන බිහිවීම ඇරඹුණි. ඒවාහිදී යම් යම් සීමා පැවැති අතර බාලංශය පටන් විශ්වවිද්‍යාලය  ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපනය කිරීමේ පුරෝගගාමියා වූයේ  c .  w.w.w.   කන්නංගර මහතාය.   ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වූ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස මොහු ගෞරවයට   ලක්වේ. ක්‍රිස්ටෝප විලියම් විජේකෝන් කන්නංගර මහතා උපන්නේ  1884 ඔක්තෝම්බර් 13   වෙනිදාය. ඔහුගේ පියා දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර වේ.  කන්නංගර මහතා සහෝදර සහෝදරයන් පස්දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා  විය.  ඔහු අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ  වෙස්බියන් උසස් පාසලෙනි.පියා අහිමිවීමත් සමඟ තම පවුලේ ජීවිකාව  රැගෙන යාමට  මේ දරුවාට  බලවත් අරගලයක් සිදුකිරීමට විය. කෙසේ වෙතත් ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් ගාල්ලේ රිච්මන්ඩ විදුහලට ඇතුළත් වීමට කන්නංගර මහතාට වරම් ලැබුණි. එතෙක් ධනවත් පවුල්වල අයට සීමා වී තිබූ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ක්‍රිස්ටෝප විළියම් දරුවාට හිමිවීම ඔහුගේ ජීවිතයේම ලංකා ඉතිහාසය ද ඓතිහාසික සිදුවීමක් විය. කේම්බ්‍රිජ් සීනියර්  විභාගයට පෙනී සිටි එතුමාට  හොඳම  ශිෂ්‍යයාට ලැබෙන ත්‍යාගය  හිමිවිය. ශිෂ්‍ය අවධියේදී ක්‍රීඩා නාට්‍ය කථික ආදී අංශවලින් දක්වන ලද කුසලතාව ඔහුගේ වැඩිහිටි ජීවිතය විදහා දක්වන්නක් විය. ඔහු සිංහල පාලි හා සංස්කෘත යන භාෂාත් බුදු දහමත් හැදෑරීමෙහි නිරත වී ඇත.  මේ කාර්ය එතුමාගේ ජාති මාමකත්වය හා දේශප්‍රේමය පිළිබිඹු කරන අවස්ථා සේ සැලකේ.  1919 පිහිටුවන ලද ලංකා ජාතික සංගමයට සම්බන්ධ වූ කන්නංගර මහතා  එහි ගාලු ප්‍රදේශයෙන් විධායක කාරක සභාවට තෝරා පත් කර ගන්නා ලදී. මහා මැතිවරණයෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ගාල්ල ආසනයෙහි මන්ත්‍රී ධූරය ලබා  ගැනීමට හැකිවීම එතුමාගේ දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයකි. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීම තෙක් එතුමා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු විය. 


                               කන්නන්ගර  මහතාගෙන් මෙරටට ඉටු වූ විශිෂ්ටතම සේවය නිදහස් අධ්‍යාපන ක්‍රමය වේ. එහි මූලික අරමුණ වූයේ රජයේ පරිපාලනයට යටත් පොදු අධ්‍යාපන ක්‍රමයක්  පිහිටුවා ගැනීමය.  එමගින්  අධ්‍යාපනය හැදෑරීමට සියලු දෙනාට අවස්ථාව ලැබුණි.1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සංශෝධන පනත 1945 ඔක්තෝම්බර් මස 01 දින යථාර්ථයක් බවට පත්විය.  එදින එතුමා කල කතාව එතුමාගේ සමාජ ජීවිතය තුළ කරන ලද ශ්‍රේෂ්ඨතම කතාව ලෙස පිළිගැනේ. එම  කතාවට සවන් දී සිටි ඉන්දීය ජාතික අනී මහතා එතුමා දෑතින් අල්ලාගෙන පැවසුවේ  "ඔබ ඉන්දියාවේ සිටියේ නම් දෙවියකු සේ සලකා වන්දනා කරනු ඇත යනුවෙනි."  විදේශය ජාතිකයකු ප්‍රකාශ කරන ලද ඉහත ප්‍රකාශනයේ නිරූපණය වන්නේ කන්නංගර මහතාගේ චරිත ස්වභාවයයි.  


 "යටත් විජිත පාලකයන් විසින් ඔවුන්ගේ පාසල් මගින් අපගේ ආගමට සංස්කෘතියට හා සිරිත් විරිත් වලට අතිශයින් හානිකර වූද මේ රටට සම්පූර්ණයෙන්ම පරිබාහිර වූද අපගේ දේශීය බුද්ධියට හා දෘෂ්ටියට නොගැලපෙන  වැඩපිළිවෙලක් එම ජනතාව අතර බලහත්කාරයෙන් පටවනු ලැබ ඇත."


 එතුමාගේ  ප්‍රකාශය එවකට පැවති අධ්‍යාපන ක්‍රමය මගින්  දේශීයත්වය කෙරේ කරන ල ලද බලපෑම හා පීඩනය කෙතරම්ද යන්නට සාධක සපයයි.   


මෙතුමා විසින් සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා  වන්නේ ,


               ➥  සියලුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොමිලේ ලබා දීම.


               ➥ ග්‍රාමීය පාසල් රාශියක් බිහි කිරීම.


              ➥ අධ්‍යාපනය සියලු ගාස්තු වලින් නිදහස් කිරීම.


              ➥ ඉංග්‍රීසි පාසල් වල මව්බස භාවිතයට අනුබල දීම.


             ➥ අධ්‍යාපන චින්තාවලිය තුළ ආහාර නිෂ්පාදනයට උපරිම අවධානයක් යෙදීම. 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මුල් සාධකය ගුරුවරුන් බව පිළිගත් එතුමා යහපත් කැපවෙන දක්ෂ ගුරු පරපුර බිහි කිරීමෙහිලා  පුරෝගාමී විය. ඉතා කාර්යක්ෂම ලෙස ගුරුවරුන් විශාල ප්‍රමාණයකින් පුහුණු කිරීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය තහවුරු කිරීමකි. වෘත්තිය විෂයන්ට අමතරව ගුරුවරුන්ට සංගීතය, නාට්‍ය හා නැටුම් කලාව ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කරන ලදී. ඒවා හුදු විනෝදස්වාදය නොව අධ්‍යාපන වටිනාකමක් ඇති විෂය බවට මෙමගින් පිළිගැනීමක් ඇති විය. 1923 දේශපාලනයට පිවිසියේ  සැලකිය යුතු ධනයක් ඇති පුද්ගලයකු ලෙස වුවද දේශපාලනින් සමුගන්නා විට කන්නංගර මහතාට කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුනි මෙය එතුමා අවංක දේශපාලනඥයකු බව කියාපාන සාධකයකි එතුමාගේ ජීවිතයේ අවසන් කාලය ගත කළේ රජයෙන් ලැබුණු ආධාර මුදලකිනි. අවුරුදු 85  දිවි ගෙවූ එතුමා සැප්තැම්බර් 23 දින අවසන් ගමන් ගොස් ඇත. 



16 comments:

  සෙනෙහසේ පියා ඉරි තැලි වියළි වූ පොළොව  නිවන දහදිය නුඹයි තාත්තේ ඇතුලේ ගිනිදැල් දැවෙන හද තුළ පුතුගේ මුවගේ සිනහා නුඹයි තාත්තේ වේද මල් පෙති සින...